ඉදිරි Victoria ප්‍රාන්ත මැතිවරණය ජයගතහොත්, ප්‍රාන්තයේ සැත්කම් සඳහා ඇති පෝලිම අඩකින් අඩුකරන බවට Liberal පක්ෂය පොරොන්දු වී තිබෙනවා. විපක්ෂ නායක Jess Wilson මහත්මිය සඳහන් කළේ, ඩොලර් බිලියන 1.27 ක ව්‍යාපෘතියක් හරහා රජයේ රෝහල්වල පෝලිම්වල සිටින රෝගීන්ට පෞද්ගලික රෝහල් මගින් නොමිලේ සැත්කම් කරගැනීමේ අවස්ථාව ලබාදෙන බවයි.
මේ අතර, යළි බලයට පත්වුවහොත් 2023 වසරේදී සිදුකළ ඉඩම් බදු සංශෝධන ඉවත් කරන බවට ප්‍රාන්ත අගමැති Ben Carroll මහතා ප්‍රමුඛ Labor රජය පොරොන්දු වී තිබෙනවා. මෙහිදී ඉඩම් බදු ගෙවිය යුතු සීමාව අදියරෙන් අදියර ඉහළ නැංවීමට නියමිත අතර, එමගින් ජනතාවට විශාල බදු සහනයක් හිමිවන බවයි ප්‍රාන්ත අගමැති Ben Carroll මහතා වැඩිදුරටත් සඳහන් කළේ.



