
ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළේ අනපේක්ෂිත වෙනසක්
ඕස්ට්‍රේලියාවේ ජූලි මාසයේ රැකියා විරහිතභාවය බලාපොරොත්තු නොවූ ලෙස 4.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, පුද්ගලයින් 15,800 දෙනෙකුට රැකියා අහිමි වීමත් සමඟයි.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ජූලි මාසයේ රැකියා විරහිතභාවය බලාපොරොත්තු නොවූ ලෙස 4.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, පුද්ගලයින් 15,800 දෙනෙකුට රැකියා අහිමි වීමත් සමඟයි.
AusCey TV News Editorial Panel ·

Victoria හි ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ රාජකීය කොමිෂන් සභාවේ ප්‍රධානියා ලෙස, South Australia හි හිටපු අගවිනිසුරු Christopher Kourakis පත්කර තිබෙනවා. ඒ බව ප්‍රාන්ත අගමැති Ben Carroll විසින් නිවේදනය කළා.
AusCey TV News Editorial Panel ·

Perth හි Fiona Stanley Hospital හි දැඩි සත්කාර ඒකකයේ ඇති වූ හදිසි ගිනිගැනීමක් හේතුවෙන් එහි සිටි පිරිස් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland රාජ්‍ය අරමුදල් අහිමි වේ යැයි බියෙන්, එහි ප්‍රධාන පෙළේ ජනතා සේවා සංවිධානවල හඬ මර්දනය කිරීමට Queensland රජය කටයුතු කරමින් සිටින බවට විපක්ෂය චෝදනා කරනවා. මෙය "Trump’s America" තත්ත්වයට සමාන බවයි විපක්ෂය පවසන්නේ.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඕස්ට්‍රේලියානු රජය ණය රහිත රටක් ලෙස ප්‍රකාශයට පත් කර වසර 20 කට පසුව වාර්තා වූ විශේෂ සිදුවීමක්.
AusCey TV News Editorial Panel ·

තරුණියකට අතවර කළ බවට තරුණයින් තිදෙනෙකුට චෝදනා Sydney හි southwest ප්‍රදේශයේ නිවසකදී 17 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත පිරිමි ළමයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ආසන්න මැතිවරණය ඉලක්ක කරගනිමින් Victoria ප්‍රාන්තයේ ගොවි ජනතාවගේ සහය නැවත දිනාගැනීමේ අරමුණින්, ආන්දෝලනාත්මක VNI West විදුලි රැහැන් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Coalition පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මාරාන්තික Mushroom ආහාර වේලක් ලබාදී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 51 හැවිරිදි Erin Patterson ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීමේ දෙවන සහ අවසන් දිනය අද ආරම්භ වුණා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ බලධාරීන් එරට ජනතාවට අනතුරු අඟවන්නේ ඉදිරියට එන ලැව්ගිනි ඍතුවට මුහුණදීමට සූදානම් වන ලෙසයි. ශක්තිමත් El Nino තත්ත්වය තවදුරටත් වර්ධනය වීමත් සමඟ මේ වසරේ ලැව්ගිනි අවදානම ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සේවක හිඟයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වැඩිම ගුවන් ගමන් ක්‍රියාත්මක වන Sydney ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Adelaide හි Angle Vale ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා, එහි තිබූ විශාල මත්ද්‍රව්‍ය තොගයක්, ගිනිඅවි සහ මුදල් සමඟ 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Elon Muskගේ SpaceX සමාගමට අයත් 52m ක් දිගැති Starship රොකට්ටුව ඉන්දියානු සාගර කලාපයට කඩා වැටීමෙන් පසු සාර්ථකව ගොඩගෙන තිබේ. Western Australia හි north-west දෙසින් පිහිටි remote territory එකක් වන Christmas Island වෙරළ තීරයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ මෙම රොකට්ටුව, SpaceX Recovery කණ්ඩායම විසින් දින 24ක මෙහෙයුමකින් පසු ගොඩබිම දෙසට tow කරගෙන ඇති බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·