
myGov ගිණුම් තාවකාලිකව lock වෙයි - සැකකටයුතු සිදුවීමක්
සැකකටයුතු ලෙස ගිණුම්වලට පිවිසීමට දැරූ උත්සාහයන් හේතුවෙන්, ඕස්ට්‍රේලියානුවන් රැසකගේ myGov ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට (temporarily locked) Services Australia ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙලෙස ගිණුම්වලට පිවිසීමට නොහැකි වූ පුද්ගලයන්ට ඒ පිළිබඳව දැනුවත් කරමින් SMS සහ Email පණිවුඩ ලැබී ඇති අතර, මෙය කිසිසේත්ම myGov පද්ධතියේ ආරක්ෂාව බිඳවැටීමක් (hack වීමක්) නොවන බවත්, පද්ධතියේ ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි ලෙස ක්‍රියාත්මක වීම නිසා සිදු වූවක් බවත් Services Australia ආයතනය පවසනවා.
AusCey TV News Editorial Panel ·










